පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය බ්ලොග් අඩවිය

උත්තමාචාරය……..

2012/03/13 දින පළකරනලදී, වර්ගීකරණය නිසැඳැස්

පෙරදිනෙක සැම දෙනා-පැවසුවේ නුඹ ගැනය
රූප පෙට්ටියේ කතා පෙට්ටියේ-හන්ඩ නැගූයේ විරු කම්ය
ඇතත් කරුනක් කියන්නට මට කියන්නේ කෙලෙසකද නොදනිමි
කාලයක් ගත වීගියා
විරු විකුම් නෑසී ගියා
මව් බිමේ නාමයෙන් ඔබ හට
ඔබත් අහිමිව ගෙවූ කාලය
මතකයට ගෙන දුක් නොවන් ප්‍රිය සොහොයුරේ
පයක් අහිමිවු අපේ විරුවෙක්
බසයකට නැගබසයකට නැග කඩල විකුණයි
ඔබත් දුටුවද මමත් දුටුවෙමි
සාව දානව සිතන් හැම සඳ
ඔවුන් හට ඒ දුක උරුම උනේ
ඔවුන නොතකන අය නමින් නොවෙද
අපි එක්ව සිතමු ආයෙමත්
විරු දනන් පුදමු ආයෙමත්

                                                                                                                                                                 ජනිත් ලක්ක්ෂාන් 13 කලා

-මධ්‍ය විද්‍යාලයීය පරිගණක සංගමයෙහි ඉන්ෆිනිටි 2012 සමරු කලඹෙන් උපුටා ගත්තකි-

 

1 Commentඉතිරිය කියවන්න
---------------------------------------------------------------------------------------------

සංසාර සුවඳ (05 කොටස)

2011/12/27 දින පළකරනලදී, වර්ගීකරණය නව කතා

සුවහසක් වූ දහසක් කඳුළු බිඳු නෙතු අගින් රූරා ඇද වැටුනු අතර අපරිමිත සෙනෙහසක් ලතාව හඬනා සෝසුසුම් වැල් මහමෙරක් තරම් ගොඩ ගැසෙන විට අහිංසකාවියකගේ දරාගත නොහැකි වේදනාවේ විලාපය හද මඬල ලතැවුලට ලක් කරමින් ඉකිබිඳින සුසුම් වැල් පිටව ගියේ අනපේක්ෂිතවය.
“අනේ අරුණි…මගේ අත්තම්මට මොකද මේ වුනේ…”ඇයව එකවරම සිහිමුර්ජා වී ඇද වැටුණි.

“හංසි….හංසි…අනේ හංසි කතාකරන්නකෝ….කතාකරන්න හංසි….කතකරන්න.”තම මිතුරියගේ මුව කමලට වතුර බිඳු කිහිපයක් ඉස අරුණි ඇයව වත්තම් කරගත්තාය.
“අනේ මගේ ආච්චිඅම්මේ….ඔයාගේ හංසිව දාලා ඔයත් යනවද?එතකොට ඔයා හංසිට ආදරේ නැද්ද….?”ඇය පිස්සියක මෙන් දෙඩෙව්වාය.
“අපි යමු හංසි…හොඳ ළමයා වගේ නැගිටින්න.”අරුණි ඇයව අස්වස්සන්නට උත්සාහ දැරීය.
“අනේ මගේ ආච්චිඅම්මට කියන්න මාවත් අරගෙන යන්න කියල…”
“ආචිචිඅම්මා ගෙනාව ආයුෂ ඉවරයි හංසි.ජීවිතේ කවදහරි දවසක මේ දෙට මූන දෙන්න වෙනවා හංසි….”ඇය දිගු සුසුමක් පිට කලාය.

2 Commentsඉතිරිය කියවන්න
---------------------------------------------------------------------------------------------

වාණිජ්‍යයෙන් ලොව දුටිමි

2011/11/09 දින පළකරනලදී, වර්ගීකරණය නිසැඳැස්

උපත ලද මොහොතේ සිට
මියෙන තත්පරය තුරුම
ගිණුම්කරණ ප්‍රශ්ණ පත්‍රයට
පිළිතුරු සොයමි පොත්තුල සිරව
කෙසේ පළමු ප්‍රශ්ණය නම් ගනුදෙනුව ඇතිවීද ?
එය කෙසේ පියවමුද
මේ භවය නම් ගිණුම් කාලච්ඡේදයේ
නොයෙක් ගනුදෙනු කරමින්
කුසල් අකුසල් ලෙජර තුල
තුලනය වෙමින්…..
ශේෂය ගෙන

Leave a Commentඉතිරිය කියවන්න
---------------------------------------------------------------------------------------------

සංසාර සුවඳ (04 කොටස)

2011/11/03 දින පළකරනලදී, වර්ගීකරණය නව කතා

ඝන අන්ධකාරයෙන් වෙලී ගිය වලාකුල් එක පෙළට කැටිවී නිල්වන් ගුවන් ගැබ වසාගන්නට නිමේෂයක් ගත නොවීය.හංසිගේ ගතට දැනුනේ විඩාබර ගතියකි.ඇය කඩුල්ල අසලට වී අත්තම්මාගේ රුව මැවෙන තුරු බලා සිටියාය.
“අත්තම්මේ….මේ,ඔයා මොකද කරන්නේ?”
“ඇයි අද අත්තම්මා පේන්න නැත්තේ…”ඇය සිතින් කල්පනා කරමින් කඩුල්ල පැන නිවස වෙත පියමැන්නාය.
කමරය වෙත ගොස් පොත් මිටිය මේසය මත තැබූ හංසි ටයි ගැටය බුරුල් කරමින් සාලයට පැමිණියාය.
“අත්තම්මේ…..අත්තම්මේ….කොහේ ගියාද මේ දොරවල් ඇරල දාලා…”
කිසිදු තීරණයකට එළඹගත නොහැකි වූ ඇය පහළ තිබූ වත්ත දෙසටද ගොස් තම මිත්තණිය සිටිනවාදැයි විපරම් කළාය.
“අනේ දෙයියනේ අම්ගේ ආත්තම්මට….නැහැ නැහැ මුකුත් වෙන්න බෑ….”ඈ තමාටම කියාගත්තාය.
“හංසි…..හංසී….ඉක්මනට එන්න.”අරුණි වේගයෙන් වචන පිට කලාය.
තම මිත්තණිය පැමිණ ඇතැයි සිතූ හංසි හනිකට දිව ආවේ ඉහවහා ගිය ප්‍රීතියකිනි.

1 Commentඉතිරිය කියවන්න
---------------------------------------------------------------------------------------------

සංසාර සුවඳ (03 කොටස)

2011/10/12 දින පළකරනලදී, වර්ගීකරණය නව කතා

අපරිමිත වූ සංසාර බන්ධනයන්හි යථාර්ථයක්ව ගිය ජීවිත දස දහස් ගණනක් මංමුලා වූ දෛවයෝගයක ඉහවහා ගිය ගැටලු හමුවේ හෙළන කඳුලු බිඳු ගැන ශෝක නොවන්නට තරම් මානුෂිකත්වයක් නොමැති මිනිසුන් සමාජගතව ඇත්තේ කලාතුරකිනි.ජීවිතය පදනම් කොටගත් කුටුම්භික යථාර්ථයෙන් මාතෘ සෙනෙහසින් අත්මිදුනු හංසිට පීතෘ ශක්තියද ජීවිතයට ලබාදීමට උත්සාහ කරන ඇගේ අත්තම්මා උහුලන මහමෙරක් තරම් ජීවන අරගලය ඇය කෙසේ විසඳාවිද යන්න ගැටලුවකි.

1 Commentඉතිරිය කියවන්න
---------------------------------------------------------------------------------------------

ගුණ වැණුම

2011/10/02 දින පළකරනලදී, වර්ගීකරණය නිසැඳැස්, සිතුවිලි

අළුයම් වෙලෙහි කල් යල් බලා ලොව දකින
දහස් කෙලක් වූ කමල්ගොමු අතරේ
කලා සපිරි ගුරු කුල ඉපිද
අප වන්  නර සිසුන්ට සුභිඛ්මුනු
ශිල්ප දෙනු වන් දිවා රෑ වෙහෙසෙන
කාන්තිමත් පුෂ්පය,ඔබ අපගේ දෙවෙනි මවු යැයි
විචාලන්නට අප පසුබට නොවන්නේ
එය එතරම් යුක්ති යුක්ත යැයි
සිතන හෙයිනි

Leave a Commentඉතිරිය කියවන්න
---------------------------------------------------------------------------------------------

ලේඛනාගාරය

කාලානුක්‍රමිකව සියලු ලිපි